ලසිත් මාලිංගට පරීක්ෂණයක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ලසිත් මාලිංග විසින් කරනු ලැබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී අද(27) පෙරවරුවේ රැස්වුණු විධායක කමිටුව විසින් මෙම තීරණය ගත් බව ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා පවතින ගිවිසුම් කඩ කරමින් මාධ්‍යයට අදහස් දක්වා මතභේදාත්මක කරුණු ප්‍රකාශ කිරීම ඔහුට එරෙහිව මෙලෙස පරීක්ෂණයක් පැවැත්වීමට හේතුව වී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා, ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා හා නීතිවේදී අසේල රැකව විනය කමිටුව නියෝජනය කරන අතර, එහි සභාපති ලෙස අසේල රැකව මහතා කටයුතු කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *