දකුණු අප්‍රිකාවේ බස් රථයක් සහ ට්‍රක් රථයක් ගැටීමෙන් 18ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – දකුණු අප්‍රිකාවේ බස් රථයක් සහ ට්‍රක් රථයක් එකිනෙක ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ජොහැන්නස්බර්ග් නගරයට නැගෙනහිර දෙසින් පිහිටි මචාඩෝඩෝප් ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබේ.

මෙම අනතුරින් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා ඇතැයි සදහන් වේ.

තුවාල ලැබූ පුද්ගලයින් සහ මියගිය පුද්ගලයන්ගේ සිරුරු කිහිපයක් සොයා ගැනීමට සහන සේවා අංශ සමත්වී ඇත. එහෙත් බස් රථයේ කොපමණ මගීන් පිරිසක් සිටියේ ද යන්න හෙලිවී නොමැත.

අනතුරට හේතුව මෙතෙක් හෙළිවී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භකර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *