ජැක්සන්ගේ අහපු නැති ගීත වෙන්දේසියක

(කොළඹ, ලංකාපුවත්) – සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන් විසින් ගායනා කල මෙතෙක් අප රස විද නොමැති ගීත ඇතුලත් ගීත තැටියක් පසුගිය සතියක ප්‍රසිද්ධ වෙන්දේසියේ අලෙවි කිරීමට කටයුතු කර තිබේ.

අමරිකාවේ නිව්යෝක් නුවර වෙන්දේසි හලකදි අලෙවියට තබා තිබුණ ගීත 12ක් ඇතුලත් මෙම ගීත එකතුවේ අවම ලන්සුව මිල කර ඇත්තේ ඩොලර් 50,000ටය.

ජුලි 19 දා සිට 28 දක්වා පැවති මෙම වෙන්දේසියට මයිකල් භාවිතා කල භාණ්ඩ කිහිපයක් සහ ඔහු විසින් සිතුවම් කරන ලද චිත්‍රයක්ද ඇතුලත් ව තිබුණි.

මයිකල් ජැක්සන් මෙලොවින් සමු ගෙන මේවන විට වසර 08ක් ගතව තිබේ.

මේ අතර ජැක්සන්ගේ ඉමත් ජනප්‍රියත්වයට පත් ‘බෑඩ්’ ගීත ඇල්බමය නිකුත් කර මේ මස 31වනදාට වසර 30ක් සපිරේ. එම ගීත ඇල්බමය මුල්වරට නිකුත් කර තිබුණේ 1982 වසරේ දී ය. මේවන විට ලොව පුරා එහි පිටපත් මිලියන 35කට වඩා අලෙවි වී ඇත.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *