එජාප 71 වන සංවත්සරය රත්නපුරයේ දී

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජාතික පක්ෂ හැත්තෑ එක්වන සංවත්සරය රත්නපුරයේදී පැවැත්වීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

රත්නපුර සීවලී ක්‍රීඩාංගණයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළේය.

රජයේ සංවර්ධන කටයුතු පිළිබදව ජනතාව දැනුවත් කිරීම මෙහි අරමුණ බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

අමාත්‍ය තලතා අතුකෝරල , නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගංකන්ද යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *