ජාවාරම් මැඩලීමේ අභියෝග භාර ගන්නා බව පොලිස්පති කියයි

(කොළඹ, ලංකාපුවත්) – ත්‍රස්තවාදයත් සමග ඇතිවූ ජාවාරම් මැඩලීමේ අභියෝගය පොලිසිය භාරගෙන ඇති බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සදහන් කරයි.

ඒ වෙනුවෙන් සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව බදුල්ලේ පැවති උත්සවයක දී පොලිස්පතිවරයා කියා සිටියේය.

එසේම ඕනෑම අභියෝගයකට මුහුණදීමට පොලීසිය සූදානම් බවද ඔහු සදහන් කළේය.

පොලිස් දෙපාර්තමේන්තුවට වසර 150ක් සම්පූර්ණ වීම වෙනුවෙන් පළාත් මට්ටමින් උත්සව සංවිධාන කර තිබේ. ඌව පළාත් උත්සවය බදුල්ලේ දී පැවැත්වුණේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙනි.

රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා, ඌව පළාත් ආණ්ඩුකාර එම් පී ජයසිංහ, පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *