කැලිෆෝනියාවේ වෛරසයක් නිසා 19ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ නිවාස නොමැති ජනතාව අතර පැතිර යන වෛරස් රෝගයක් හේතුවෙන් පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

හෙපටයිටිස් ඒ නම් මෙම රෝගය ඝෘජුවම අක්මාවට හානි පමුණුවන බව එරට වෛද්‍යවරුන් පවසා ඇත.

මේ හේතුවෙන් කැලිෆෝනියා ප්‍රාන්තයේ සෞඛ්‍යමය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පසුගිය නොවැම්බර් මාසයේ සිට මෙම රෝගය පැතිර යන බව සදහන් ය.

කැලිෆෝනියාවේ පුද්ගලයින් 500කට පමණ මෙම රෝගය වැළදී ඇති බව වාර්තා වේ. වසර 20කට පසුව හෙපටයිටිස් ඒ රෝගය අමෙරිකාව පුරා දරුණු ලෙස පැතිර ගිය දෙවන අවස්ථාව මෙය වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *