මීරිගම රූපලාවන්‍යාගාරයක මියගිය තරුණියගේ ශරීර කොටස් රජයේ රසපරීක්‍ෂක වෙත

(කොළඹ, ලංකාපුවත්) – මීරිගම නගරයේ රූපලාවන්‍යාගාරයක සේවය කළ කාන්තාවක් සැකකටයුතු ලෙස මිය යෑම සම්බන්ධයෙන් මීරිගම පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

ඉකුත් 13වනදා සවස 02.30ට පමණ මෙම සිද්ධිය පිළිබඳ තොරතුරු සැලවී තිබුණි.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 21ක් වූ කිතලවලාක ප්‍රදේශයේ පදිංචි චතුරංගනී අමරතුංග නැමැති තරුණියකි.

මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණය පසුගිය අගහරුවාදා(14) රාගම රෝහලේ දී සිදු කර මෘත ශරීරයේ කොටස් රජයේ රස පරීක්‍ෂක වෙත යැවීමට ලබාගෙන ඇත. එසේම පරීක්‍ෂණ වාර්තාව ලැබෙන තෙක් මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දී දේහය ඥාතීන්ට භාර දී තිබේ.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *