අද තරගයේ කාසියේ වාසිය ශ්‍රි ලංකාවට

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාව සමඟ අද(24) පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළේය.

තරඟය ඉන්දියාවේ නාග්පූර් හිදී පැවැත් වෙනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය තරඟය සඳහා ක්‍රීඩා කළ කණ්ඩායම අද තරඟය සඳහාද ක්‍රීඩාකරන බව ශ්‍රී ලංකා නායකයා පැවසීය.

ඉන්දිය පිළ වෙනස්කම් 3ක් සිදුකර තිබේ. ඒ අනුව ඉෂාන්ට් ශර්මා, මුරලි විජේ හා රෝහිත් ශර්මා අද තරඟය සඳහා ඉන්දිය කණ්ඩායමට එක්කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *