රක්වාන ආසනයට නව නිදහස් පක්‍ෂ සංවිධායකවරයෙක්

(කොළඹ, ලංකාපුවත්) – රත්නපුර දිස්ත්‍රික්කයේ රක්වාන ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා ලෙස ජී.කේ. උපාලි චන්ද්‍රසේන මහතා පත්කර තිබේ.

ඒ මහතා අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

මීට පෙර රක්වාන ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කළ රංජිත් සොයිසා මහතා එම ධූරයෙන් ඉවත් කර තිඛෙන අතර, ඒ වෙනුවෙන් මෙම නව පත්වීම සිදුකර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *