කොළඹ – කටුනායක දක්වා මාර්ගය විටින් විට වැසේ

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දුනීසියානු ජනාධිපතිවරයා හෙට(24) දිවයිනට පැමිණීම හා සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් මාර්ග කිහිපයක් හෙට උදෑසන 1130ත් දහවල් 02.00 අතර කාලය තුළ විටින් විට වසා තැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

ඒ අනුව හෙට උදෑසන 11.30 සිට සව 01.00 දක්වා කාලය තුළ කටුනායක ගුවන් තොටුපලේ සිට අධිවේගී මාර්ගය ඔස්සේ පෑලියගොඩ, බණ්ඩාරනායක මාවත, ඔරුගොඩවත්ත හංදිය, දෙමටගොඩ, බොරැල්ල හංදිය, ඩී. එස්. හංදිය, ග්‍රීන්පාර්ක්, නෙළුම්පොකුණ හංදිය, පුස්තකාල වටරවුම, ලිබර්ටි වටරවුම, සෙන් මයිකල් පාර ඔස්සේ ගාලු පාර දක්වා රථවාහන ගමනා ගමනය සීමා කරනු ඇත.

එසේම සවස 01.00 සවස 02.00 දක්වා කාලය තුළ ගාලු පාර සිට කොල්ලුපිටිය හංදිය, පිත්තල හංදිය, පුස්තකාල වටරවුම, නෙළුම්පොකුණ හංදිය, ග්‍රීන්පාර්ක්, ඩී. එස්. හංදිය, බොරැල්ල හංදිය, දෙමටගොඩ, ඔරුගොඩවත්ත හංදිය, බණ්ඩාරනායක වටරවුම, පෑළියගොඩ අධිවේගී මාර්ගයෙන් කටුනායක ගුවන් තොටුපොල දක්වා වරථවාහන ගමනා ගමනය සීමා කර කරනු ලැබේ.

මෙම කාල සීමාව තුළ දී කොළඹ සිට කටුනායක ගුවන් තොටුපල දක්වා වූ ඉහත මාර්ගවල රථ වාහන ගමනා ගමනය සීමා කිරීමට කටයුතු කරන බැවින් හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *