වැස්සෙන් පීඩා විදින කඳුකරයේ පවුල් සඳහා සෙවිලි තහඩු

(කොළඹ, ලංකාපුවත්) – අධික වැසි සහිත කාලගුණයෙන් පීඩාවට පත්වූ පවුල් රැසක් සදහා කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා විසින් සෙවිලි තහඩු බෙදා දීමක් ඉකුත් 17වනදා සිදු කළේය.

අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් වතු නිවාස සඳහා සෙවිලි තහඩු ලබා දීමේ වැඩසටහන හැටන් නෝර්වුඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මෙහිදී කඳුකරයේ පිහිටි වතු 72 ක ජීවත්වන පවුල් 227 ක් සඳහා සෙවිලි තහඩු ලබා දීම සිදුකෙරිණි.

මෙම අවස්ථාව සඳහා එම වතුවල වතු කළමණාකරුවන් හා වතු නායකයින් රැසක් එක්ව සිටියහ.

පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් මෙලෙස වතු නිවාස සඳහා සෙවිලි තහඩු ලබා දීමට තීරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *