ඉන්දියාවේ දූවිලි කුණාටුවෙන් මරණ 125ක්

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවට බලපෑ දූවිලි කුණාටු තත්ත්වය හේතුවෙන් මිය ගිය ගණන 125 ඉක්මවා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එසේම තුවාල ලැබූ සංඛ්‍යාව 200ක් පමණ වේ.

ඉන්දීය වාර්තා පවසන්නේ රාජස්ථාන් සහ පන්ජාබ් ප්‍රාන්තයට මෙහිදී දැඩි බලපෑම් එල්ලවී ඇති බවය. එම ප්‍රාන්තවල පුද්ගල මරණ 111ක් වාර්තා වී ඇත.

දුවිලි කුණාටුව සමග තද සුළගක් හා අධික වර්ෂාවක් ඇතිවීම මෙම මරණ සදහා මුල්ව තිබුණි.

කුණාටුව සමග විදුලි පද්ධති බිද වැටී විදුලිය කාන්දු වීම, ගස් නිවාස වෙත කඩා වැටීම හා නිවාස විනාශවීම හේතුවෙන් බහුතර මරණ හා තුවාල සිදුවීම් වාර්තාවී තිබේ.

මේ වන විට ප්‍රාන්තයට අවශ්‍ය සහන සම්පාදනය කරමින් පවතින බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කර ඇත.

ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත් සේවය වාර්තා කර ඇත්තේ තවත් කුණාටුවක් ඇති වීමේ ඉඩකඩක් පවතින බැවින් අදාළ ප්‍රදේශවලින් මේවන විට ජනතාවට ඉවත් වීමට එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *