මාදම්පේ සිට මහවැව දක්වා මාර්ගය ජලයෙන් යටවෙයි

(කොළඹ, ලංකාපුවත්) – හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ මාදම්පේ සිට මහවැව දක්වා කිලෝ මීටර එකහමාරක් පමණ මාර්ගය ජලයෙන් යටවී තිබේ.

ඒ හේතුවෙන් රථවාහන ධාවනයට දැඩි බාධා එල්ල වී ඇති බවයි, වාර්තා වන්නේ. ඊයේ පස්වරුවේ ඇදහැළුණු ධාරාණිපාත වර්ෂාපත් සමග හැමිල්ටන් ඇළ හා මාදම්පේ තිනිපිටි ඔය පිටාර ගැලීම නිසා මාර්ගය යටවී ඇත.

ඊයේ රාත්‍රී දැඩි රථවාහන තදබදයක් ද හට ගෙන ඇත. යතුරුපැදි සහ ත්‍රීරෝද රථ වැනි කුඩා වාහන එම මාර්ගය භාවිත කිරීම අනතුරුදායක බව මාරවිල පොලීසිය පවසයි. එම වාහනවල විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *