හැරී-මෙගන් රාජකීය ආදරය ගැන චිත්‍රපටයක්

(කොළඹ, ලංකාපුවත්) – හොලිවුඩ් නිළි මේගන් මාර්කල් සහ බ්‍රිතාන්‍යය රජ පවුලේ හැරී කුමරු අතර විවාහය පසුගිය ඉකුත් 19 වනදා වින්ඩ්සර් මන්දිරයේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේදී සිදු විය.

2016 වසරේදී මිතුරෙකු මඟින් හඳුනාගත් හැරී සහ මේගන් ආදර කතාව මාධ්‍ය මඟින් හෙළිදරව් කළේ එම වසරේ ඔක්තෝබර් මාසයේදී ය.

ලොස් ඇන්ජලීස්හි උපත ලද මේගන් මාර්කල්ගේ මව ඩෝරියා රිග්ලන්ඩ් සමාජ සේවිකාවක මෙන්ම යෝගා උපදේශකවරියකද වේ. පියා තෝමස් මාර්කල් මේගන්ගේ මව ගෙන් වෙන්වන විට මේගන්ගේ වයස අවුරුදු 6කි.

මේගන් වරක් විවාහ වී දික්කසාද වී තිබීම, හැරි කුමරුට වඩා අවුරුදු තුනකින් ඇය වැඩිමහල් වීම, අප්‍රිකානු සම්භවයක් සහිත අමෙරිකානු ජාතික නිළියක් වීම මෙහිදී කා අතරත් අවධානයට ලක් වූ මාතෘකා ද විය.

රාජකීය විවාහය සමඟින් නිර්මාණය කෙරුණු ටෙලි චිත්‍රපටය ගැනත් කාගේත් අවධානය යොමුව ඇත.

Harry & Meghan: A Royal Romance නම් වූ එය අධ්‍යක්ෂණය කෙරුණේ බංග්ලාදේශ ජාතික අධ්‍යක්ෂ මෙනාජ් හූදා විසිනි. හැරී කුමරුගේ මේගන්ගේ ආදර කතාව ගෙන එන මෙහි ස්කොට්ලන්ත ජාතික නළු මුරේ ෆ්‍රේසර් හැරි කුමරු ලෙසත් ජැමෙයිකානු සම්භවයක් සහිත‍ අමෙරිකානු නිළි පරීසා ෆිට්ස් හෙන්ලේ මේගන් මාර්කල් ලෙසත් චරිත නිරූපණය කරනු ලැබේ.

පැය එකයි මිනිත්තු විසිපහක ධාවන කාලයකින් යුතු Harry & Meghan: A Royal Romance චිත්‍රපටය අමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ රූපවාහිනි නාලිකාවල විකාශය කෙරුණි.

මෙහි රාජකීය පවුලේ අනෙකුත් සාමාජිකයන්ගේ චරිත නිරූපිත අතර දිවියෙන් සමුගෙන ගිය ඩයනා කුමරිය ද නැවත ජීවමාන වී සිටි. එම චරිතයට පණ පොවන්නේ නවසීලන්ත ජාතික නිළි බොනී සෝබර් විසිනි.

හැරී – මේගන් විවාහයට පෙර හැරී කුමරු සසෙක්ස්හි ආදිපාදවරයා ලෙසින් පිදුම් ලද අතර ඒ අනුව මේගන් මාර්කල් සසෙක්ස්හි ආදිපාදවරිය ලෙසින් හඳුන්වනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *