කොළඹ වරායේ බෝයාවේ නළයෙහි කැඩීගිය කොටස යථා තත්ත්වයට පත් කිරීම ඉක්මන් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – ඉකුත්දා කොළඹ වරායෙහි පිහිටි බෝයාවේ නළයෙහි කැඩී ගිය කොටස මේ වන විට යථා තත්ත්වයට පත් කරමින් සිටී .

ඉදිරි දින දෙකේදී එය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සදහන් කරනු ලැබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විටත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර එහිදී මූලිකව අනාවරණය වී ඇත්තේ කැඩී ගිය නළය 2012 වසරේදී මිළදී ගෙන ඇති බවයි. එකී මිලදී ගැනීම සිදු කිරීමේදී මතභේදයට තුඩුදිය හැකි කරුණු රැසක් සිදුව ඇතැයිද අදාල පරීක්ෂණයෙන් තවදුරටත් අනාවරණය වී තිබේ.

එම පරීක්ෂණයේ අවසන් වාර්තාව මත ඉදිරි ක්‍රියා මාර්ග ගන්නා බවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. එම සංස්ථාව තවදුරටත් අවධාරණය කරන්නේ බෝයාවේ නළය කැඩී යාම මත රටතුළ ඉන්ධන බෙදා හැරීමට කිසිඳු ආකාරයක බාධාවක් නොවන බවත් එය සාමාන්‍ය පරිදා සිදුවන කෙරෙන බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *