පොළොන්නරුව නව කෞතුකාගාරයේ ඉදිකිරීම්වල ප්‍රගතිය ජනපති සොයා බලයි

(කොළඹ, ලංකාපුවත්) –පිබිදෙමු පොළොන්නරුව සංවර්ධන වැඩසටහන යටතේ ඉදිකෙරෙන පොළොන්නරුව නව කෞතුකාගාරය හා තොරතුරු මධ්‍යස්ථානයේ වත්මන් තත්ත්වය පිළිබද ප්‍රගති සමාලෝචන රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

මෙම ඉදිකිරීම් කටයුතු සදහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවල කෞතුකාගාර දෙපාර්තමේන්තුවල මධ්‍යම සංස්කෘතික අරමුදල, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සහ පුස්ථකාල හා ප්‍රලේඛන මණ්ඩලය මගින් දායකත්වය සපයන අතර මෙහි ප්‍රගතිය පිළිබද හා ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *