අයහපත් කාලගුණයෙන් 48,000කට පීඩා

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණය හේතුවෙන්, මේ වන විට පවුල් 12,478කට අයත් පුද්ගලයින් 48,918 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරනු ලැබේ.

දිස්ත්‍රික්ක 13කට බලපෑම් එල්ල වී ඇත. කළුතර, කොළඹ, ගාල්ල සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලට අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් වැඩි බලපෑම් එල්ල වී තිබේ.

මේ වන විට පුද්ගලයින් නව දෙනෙකු මියගොස් ඇති අතර එක් පුද්ගලයෙකු අතුරුදන්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

ජලාශ රැසක වාන් දොරටු විවෘත කර ඇති බැවින්, එම ජලාශ ආශ්‍රිත පහත්බිම්වල වෙසෙන ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනු ලැබේ.

එසේම කළුතර, ගාල්ල, බදුල්ල සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක 4ට පනවා ඇති නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *