ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තයට

(කොළඹ, ලංකාපුවත්) – නවසීලන්ත තරග සංචාරයට එක්වන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ඊයේ (03) රාත‍්‍රියේ දිවයිනෙන් පිටත්ව ගියේය.

මෙම තරග සංචාරයේදී දෙරට අතර ටෙස්ට් තරග 02ක්, එක්දින තරග 03ක් සහ පන්දුවාර 20 ක‍්‍රිකට් තරගයක් පැවැත්වීමට නියමිතය.

පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය ලබන 15 වැනිදා වෙලින්ටන්හි දී ආරම්භ වේ.

17 දෙනෙකුගෙන් සමන්විත ශ‍්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ලහිරු තිරිමාන්න සහ නුවන් ප‍්‍රදීප් ද ඇතුළත්ය.

නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියේදී දිනේෂ් චන්දිමාල් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙසත්, දිමුත් කරුණාරත්න උප නායකයා ලෙසත් කටයුතු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *