තමනුත් විපක්ෂනායක බව සම්බන්ධන් කියයි

(කොළඹ, ලංකාපුවත්) –කථානායකයා විසින් තමන්ව විපක්ෂ නායක ධූරයෙන් තවමත් ඉවත් නොකළ බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා පවසයි.

ඔහු අද (19) පාර්ලිමේන්තුවේදි විශේෂ ප්‍රකාශක් සිදු කරමින් කියා සිටියේ මේ වන විට පාර්ලිමේන්තුවේ විපක්ෂනායකවරුන් දෙදෙනෙක් කටයුතු කරන බවය.

‍ඒ අනුව තමන් මෙන්ම මහින්ද රාජපක්ෂ මහතාද විපක්ෂනායක ලෙස කටයුතු කරන බව මෙහිදි අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *