තෙරේසා අගමැතිනියගේ බ්‍රෙක්සිටි ගිවිසුම පරාදයි

(කොළඹ, ලංකාපුවත්) –බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ ගෙන ආ බ්‍රෙක්සිට් ගිවිසුම වැඩි ඡන්ද 230කින් එරට පාර්ලිමේන්තුවේ දී පරාජයට පත්විය.

මෙය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ඉතිහාසය තුළ ආණ්ඩු පක්ෂයක් ලැබී විශාලතම පරාජය ලෙස සැලකේ.
යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය ඉවත් කර ගැනීමේ ගිවිසුම පිළිබඳ පාර්ලිමේන්තු ඡන්ද විමසීම ඊයේ පැවැත්විණ. එහි දී බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට පක්ෂව මන්ත්‍රීවරුන් 202 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කළහ. විපක්ෂව ලැබුණු ඡන්ද ප්‍රමාණය 432කි. ඒ අනූව, වැඩි ඡන්දයෙන් එම යෝජනාව ප්‍රතික්ෂේප විය.

මාර්තු 29 වැනි දින බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමයෙන් ඉවත් වීමට නියමිතව තිබුණි.

අග්‍රාමාත්‍ය තෙරේසා මේ ලැබූ දැවැන්ත පරාජයත් සමගින් රජය කෙරෙහි කිසිඳු විශ්වාසයක් නොමැති බව එරට විපක්ෂය නායක කම්කරු පක්ෂයේ ජෙරම් කෝබන් කියා සිටියේය. ඔහු වැඩිදුරටත් කියා සිටියේ, විශ්වාස භංගයකින් රජය පරාජයට පත්කර යළි මැතිවරණයක් පැවැත්විය යුතු බවයි. ඒ සඳහා විශ්වාසංගය ඉදිරිපත් කිරීම ලබන බදාදා සිදුකෙරෙනු ඇතැයි සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *