මොරගහකන්ද-කළුගඟ ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි වූ සැමට වන්දි දී අවසන්

(කොළඹ, ලංකාපුවත්) –මොරගහකන්ද- කළුගඟ බහුකර්ය වාරි ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ඉඩම් අහිමිවූ ජනතාවගේ වන්දි මුදල් ලබාදීම්, නැවත පදිංචි කිරීම් සියල්ල පසුගිය නොවැම්බර් මස අවසන් කළ බව මොරගහකන්ද, කළුගඟ ව්‍යාපෘතියෙහි ඉඩම් අත්පත් කර ගැනීම් හා නැවත පදිංචි කිරීම් නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂ මහින්ද රණසිංහ මහතා පැවසීය.

පවුල් 3000කට අධික ප්‍රමාණයකට ජලාශය හේතුවෙන් තම පරම්පරාගත ඉඩම් කැපකිරීමට සිදු වූ බවත් එම සියළු ජනතාවට කිසිදු අසාධාරණයක් නොකර වන්දි මුදල් ලබාදීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දැනුම් දුන් බව ඒ මහතා පැවසීය.

ඒ අනුව ඉඩම් අත්පත් කර ගැනීමේ පනත අනුව ඉඩම් අතපත් කර ගැනීමේ දෙපාර්තමේන්තුවේ නෛතික කරුණු වලට අනුව ඉඩම් අහිමි වූ ජනතාව සඳහා අවශ්‍ය වන්දි ලබාදීම් ලබා දී තිබේ. එම ජනතාව සඳහා අවශ්‍ය වාරි ඉඩම් ලබාදීම මේ වන විට 80%ක් අවසන් බවත් එම කටයුතුද කරණුයේ ඉඩම් අත්පත් කර ගැනීමේ දෙපාර්තමේන්තුවෙන් බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

තමන්ගේ ඉඩම් ඔප්පුව බැංකුවට උගස් කළ තිබූ සහ ණය ලබාගෙන තිබූ ජනතාවට වන්දි ලබා දීමේදී බැංකු හිමිකම් පරීක්ෂණයේදී ඔවුන් කළ කැපකිරීම හේතුවෙන් බැංකු මඟින් විශාල සහන ලබාදී තිබෙන බවත් ඔවුන්ට ලබාදුන් වන්දි මුදලට 50% ක විශේෂ වන්දි මුදලක් අමතරව ලබාදීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මැදිහත්වීම මත සිදු වී තිබේ.

ඉඩම් හිමිකම් ලබාදුන් ජනතාවට අවශ්‍ය කෘෂිකාර්මික වැඩකටයුතු නැවත ආරම්භ කිරීමට හැකි ඉක්මනින් මඩ ඉඩම් නිරාකරණය කර දෙන බවත් එතෙක් මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘති කාර්යාලය මඟින් ඔවුන්ට අවශ්‍ය ආහාර සලාකයක් ලබාදීම සහ මඩ ඉඩම් නිරාකරණය කරදී ඇති ජනතාව සඳහා ගොවිජන දෙපාර්තමේන්තු සහය, භාණ්ඩ ලබාදී තිබේ. කෘෂි උපකරණ කට්ටල, ගොවීන් තිදෙනෙකුට වතුර මෝටරයක් බැගින් ව්‍යාපෘති කාර්යාලය මඟින් ලබා දී තිබේ.

නැවත පදිංච කර ඇති ජනතාවට අවශ්‍ය අවශ්‍ය ජල අවශ්‍යතාවය සැපිරීම සඳහා ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය මඟින් විශේෂ ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර තිබෙන බවත් නොමිලේ වැසිකිළිවල කපාදීම සහ ඉඩම් පිරිසිදු කිරීම සඳහා අවශ්‍ය උපකරණද ව්‍යාපෘති කාර්යාලයෙන් ලබාදී තිබෙන බව අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *