පිරිසිදු කරන්නා ගුවන් යානා කපිතාන් වෙයි

(කොළඹ, ලංකාපුවත්) –වසර 24ක් පුරා ගුවන් යානා පිරිසිදු කරන්නකු ලෙස සේවය කළ නයිජීරියානු ජාතිකයකු ගුවන් යානා කපිතාන්වරයකු වූ පුවතක් අස්මාන් ගුවන් සේවයෙන් වාර්තා වේ.

මොහමඩ් අබුබකර් මීට දශක දෙකකටත් පෙර අස්මන් ගුවන් සේවයට එක් වන විට මෙවන් අවස්ථාවක් කිසිදාක උදා වේයැයි නොසිතුවද, ඔහුගේ කැප වීමත් උනන්දුවත් කිසි විටෙක පසු බට වූයේ නැත. අවසානයේ සිය සගයින් සමග කපිතාන්වරයකු ලෙස ගත් ඔහුගේ ඡායාරූප පසුගිය දින දෙක පුරා අන්තර් ජාලයේ විශාල ලෙස බෙදා හැරි ඡායාරූප බවට පත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *