ස්වයංක්‍රීය පද්ධතිවලින් ක්‍රියාත්මක ස්මාර්ට් පෝට් හෙවත් සුහුරු වරායක්

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ වරාය, සුහුරු වරායක් බවට පත් කිරීමේ ක්‍රියාවලිය සිදු කෙරෙමින් පවතින බව, අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

වසර එක හමාරකින් පමණ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ කාර්ය බහුලම වරාය වන කොළඹ වරාය, මේ යටතේ තොරතුරු තාක්ෂණය භාවිත කරමින් ස්වයංක්‍රීය පද්ධතිවලින් ක්‍රියාත්මක වනු ඇති. ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව වරාය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මේ සඳහා රුපියල් මිලියන 929ක් වෙන්කර තිබේ.

පාරිභෝගික කළමනාකරණය සහ සේවා සැපයීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා කොළඹ වරාය සුහුරු වරායක් බවට පත් කිරීම කාලීන අවශ්‍යතාවක් බවයි අමාත්‍ය සාගල රත්නායක මහතා පවසන්නේ. ව්‍යාපෘතිය යටතේ පර්යන්ත මෙහෙයුම් කටයුතු සහ නැව්බඩු මෙහෙයවීම කිසිඳු තදබදයකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය තොරතුරු තාක්ෂණික පහසුකම් සැපයෙනු ඇති.

ඒ අනූව, වරාය තුළ දොරටු, අංගන මෙන්ම පර්යන්ත, ක්‍රියාත්මක කෙරෙන්නේ ස්වයංක්‍රීයකරණ පද්ධතියක් යටතේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *