ලංගමට අධි සුඛෝපභොගී බස් රථ

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය වෙනුවෙන් ලබාගන්නා සුඛෝපභොගී බස් රථ ඉදිරියේදී ශ්‍රී ලංකාවට නැව්ගත කිරීමට නියමිත බව King Long ශ්‍රී ලංකා සමාගම සඳහන් කරයි.

ආසන 51 කින් යුත් මෙම බස් රථ ශ්‍රී ලංකාවට ගෙන්වීමේ ටෙන්ඩරය සොෆ්ට්ලොජික් සමාගම විසින් හිමිකරගෙන තිබෙන අතර , King Long සමාගම ලෝකයේ රටවල් 150 කට අධික ප්‍රමාණයක් සඳහා බස් රථ අපනයනය කරන බව සමාගම නිවේදනය කරයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් නිපදවූ බස් රථ මේ වන විට පරීක්ෂණ ධාවනයේ යොදවා ඇති බවත් සමාගම වැඩිදුරටත් සදහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *