අපද්‍රව්‍ය කන්ටේනර් රටතුළට ප‍්‍රවාහනය වලක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

(කොළඹ, ලංකාපුවත්) – බ්‍රිතාන්‍යයෙන් ආනයනය කළ අපද්‍රව්‍ය සහ කැලිකසල අඩංගු යැයි සැලකෙන කන්ටේනර් රටතුළට ප‍්‍රවාහනය කිරිම වලක්වාලමින් අභියාචනාධිකරණය අද(31) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

ඒ සැප්තැම්බර් මස 20 වනදා තෙක් බලපැවැත්වෙන පරිදි ය. එම නියෝගයට අනුව කොළඹ වරායේ සහ කටුනායක අපනයන සැකසුම් කලාපයේ රදවා ඇති කසල කන්ටේනර් ප‍්‍රවාහනය කළ හැකි වන්නේ ප‍්‍රතිඅපනයනය කිරිම සදහා පමණි.

පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරිමට ද අභියාචනාධිකරණය නියෝග කළේය. එම පෙත්සම ගොනුකර තිබෙන්නේ පරිසර යුක්ති කේන්ද්‍රය. එහි වගඋත්තරකරුවන් ලෙස රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා , මධ්‍යම පරිසර අධිකාරිය, නීතිපතිවරයා හා හේලිස් පී‍්‍රීසෝන් ආයතනය නම්කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *