වෙල්ලම්බඩ පොලිසියේ OICගේ වැඩ තහනම්

(කොළඹ, ලංකාපුවත්) –වෙල්ලම්බඩ පොලීසියේ වැඩබලන ස්ථානාධිපති බන්දුල බන්ඩාර මහතාගේ වැඩ තහනම් කර තිබේ.

මුස්ලිම් පල්ලියකින් වෙල්ලම්බඩ පොලීසිය භාරයට ගත් නඩු භාණ්ඩ තොගයක් නැවත භාරදීමට සූදානම් වීමේ සිද්ධියක් හේතුවෙන් මෙලෙස වැඩ තහනම් කෙරුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

ඒ අනුව එම ස්ථානාධිපතිවරයා වැඩ තහනම් කර මහනුවර පොලිස් ස්ථානය වෙත ස්ථාන මාරුවක් ලබා දී ඇත.

වෙල්ලම්බඩ මුස්ලිම් දෙවාස්ථානයෙන් පොලිස් බාරයට ගෙන තිබු මන්නා පිහි 73ක් සහ අත්පොරොව 13ක් වෙල්ලම්බඩ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ඊයේ (06) නැවත භාර දිමට සුදානම් වී ඇති බැවින් ඔහුව මෙලෙස වැඩ තහනමකට ලක් කර තිබේ.

මේ සම්බන්ධයෙන් මුලික විමර්ෂණයක් මහනුවර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ සිදු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *