තිලංගට වාරණයක්

(කොළඹ, ලංකාපුවත්) – හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාලට එහි පරිපාලන කටයුතුවලට සහභාගිවීමට නොහැකිවන ලෙස තාවකාලික තහනමක් පනවා තිබේ.

ඒ ක්‍රීඩා අමාත්‍යවරයා හරීන් ප්‍රනාන්දු විසිනි.

ක්‍රීඩා පනතින් අමාත්‍යවරයාට ලැබී ඇති බලතලවලට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයෙකු ලෙස කටයුතු කරන තිලංග සුමතිපාලට එහි පරිපාලන කටයුතුවලට සහභාගිවීම වළක්වා ඇති බව වාර්තාවේ .

ඒ අනුව ඉදිරියටත් තිලංග සුමතිපාලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතුවලට සම්බන්ධවීමට හැකිදැයි සොයාබලා මසක් ඇතුළත වාර්තාවක් සැපයීම සඳහා ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මික මුතුගලගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇති බව ක්‍රීඩා ආරංචි මාර්ග පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *