මත්ද්‍රව්‍ය රැසක් සමඟ බන්ධනාගාර නියාමකවරයෙක් දැලේ

(කොළඹ, ලංකාපුවත්) –අඟුණකොළපැලැස්ස පොලිස් වසමේ අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට ඇතුළුවන පුද්ගලයින් පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් පරික්ෂා කරමින් සිටින අවස්ථාවේදී බන්ධනාගාර නියාමක වරයෙකු ගේ සන්තකේ තිබී හෙරොයින්, ගංජා සහ මත් පෙති සමඟ බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ(06) සවස මොහු අත්අඩංගුවට ගෙන ඇති බව සදහන් වේ.

මෙම බන්ධනාගාර නියාමකවරයා සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 10කට අධික ප්‍රමාණයක් ගංජා ග්‍රෑම් 14කට අධික ප්‍රමාණයක් සහ මත්පෙති ග්‍රෑම් 27කට අධික ප්‍රමාණයක් පොලිස් අත්අඩංගුවට ගෙන අඟුණුකොළපැලැස්ස පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32ක් වූ තංගල්ල ප්‍රදේශයේ පදිංචි රාහුබද්ධ කන්කානම්ගේ හසන් ප්‍රියදර්ශන නැමැති අයෙකි.

සැකකරු අද(07) අගුණුකොලපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අඟුණකොළපැලැස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *