හදිසි නීතිය මසකින් දීර්ඝ වෙයි

(කොළඹ, ලංකාපුවත්) –හදීසි නීතිය තවත් මාසයකින් දීර්ඝ කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් වී තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සනින් යුතුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. පාස්කු ඉරිදා මෙරට සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු රට තුළ ඇති වූ ව්‍යාකූලත්වය පාලනය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හදීසි නීතිය ක්‍රියාත්මක කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *