නිහඬ කාලය සමග රට පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා ලබාදී තිබූ කාලය අවසන් වී නිහඬ කාලය ආරම්භවීමත් සමග රට පුරා විශේෂ ආරක්ෂක මෙහෙයුම් ද ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

මේ වෙනුවෙන් දිවයිනම ආවරණය වන පරිදි කැරලි මර්දන නිලධාරීන් ද අනියුක්ත කිරීමට නියමිතය.

ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අමතර පොලිස් මාර්ග බාධක යෙදවීමට ද කටයුතු කරනු ඇත.

මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ක්‍රියාත්මක සම්පූර්ණ ආරක්ෂක වැඩපිළිවෙල සඳහා අනියුක්ත කර සිටින මුළු පොලිස් නිලධාරීන් ගණන 60,175 දෙනෙකු බව ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *