HNB FINANCE ජාත්‍යන්තර කාන්තා මූල්‍ය සංසදය හරහා කාන්තා ව්‍යවසායකයින් සවිබල ගන්වයි

(කොළඹ, ලංකාපුවත්) – ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE ජාත්‍යන්තර කාන්තා ව්‍යවසායකත්ව සම්මන්ත‍්‍රණයේ කාන්තා මූල්‍ය සැසිවාරය සඳහා අනුග‍්‍රහය දක්වමින් ශ‍්‍රී ලංකාවේ කාන්තා ව්‍යවසායකත්වය සවිබල ගැන්වීමට සිය දායකත්වය ලබා දෙන ලදි. මෙම ජාත්‍යන්තර සමුළුව දෙසැම්බර් 3 සහ 4 යන දෙදින තුළ කොළඹ මරීනා බීච් හෝටලයේදී පැවැත්වුණි.

කාන්තා ව්‍යවසායකත්වය සඳහා තිරසාර අවස්ථා නිර්මාණය කිරීම යන තේමාව යටතේ මෙවර ජාත්‍යන්තර කාන්තා ව්‍යවසායකත්ව සම්මන්ත‍්‍රණය පැවති අතර කාන්තා ව්‍යවසායකත්වය විවිධ සමාජ පැතිකඩයන් හරහා විමසා බැලීය.

මෙවර පැවති කාන්තා මූල්‍ය සැසිවාරය තුළදී ‘කාන්තා ව්‍යවසායකත්වය සහ මූල්‍ය’, වර්ධනය සහ තිරසාර බව සඳහා මූල්‍ය කළමනාකාරණය, ක්ෂුද්‍ර මුල්‍ය තත්වයේ ඔබ්බට යන වර්ධනයක් අත් පත් කර ගැනීම, සහ ණය සාක්ෂරතාව සහ ස්වයං මුල්‍ය විනය යන මාතෘකා සාකච්ඡාවට බඳුන් විය.

Ernst & Young හි සාමාජික අනෝජි ද සිල්වා, සර්වෝදය සංවර්ධන මූල්‍ය හා ප‍්‍රාග්ධන ඒකකයේ සභාපති චන්න ද සිල්වා, සණස සංවර්ධන බැංකුවේ සභාපතිනි සාමදානී කිරිවන්දෙණිය මහත්මිය, හි ජ්‍යෙෂ්ඨ මූල්‍ය ක්ෂේත‍්‍ර විශේෂඥ රත්නිජ අරන්දර, යන මූල්‍ය ක්ෂේත‍්‍රයේ විශේෂඥයින් සහභාගී වූ අතර මෙම සමූළුව වරලත් කළමනාකාර ගණකාධිකරණය ආයතනයේ (CIMA) නේවාසික කළමනාකාර සහරා අන්සාරි විසින් මෙහෙයවන ලදි.

කාන්තා ව්‍යවසායකත්ව ක්ෂේත‍්‍රයේ මූල්‍ය කළමනාකාරීත්වය පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබා දෙන අතිශය වැදගත් ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණයක් වන මෙය සඳහා අනුග‍්‍රාහකත්වය ලබා දීම කාලෝචිත බව මගේ විශ්වාසයයි. මෙම සමුළුව සඳහා අපගේ කාන්තා ව්‍යවසායකයින් සහභාගී කරවීමට හැකිවීම තුළ මෙම සමුළුවෙන් ඔවුන් ලබා ගත් දැනුම සහ අත්දැකීම් මත අපගේ දායකත්වයට අපරිම වටිනාකමක් හිමිවූ බව මගේ විශ්වාසයයි.

‘‘කාන්තා ව්‍යවසායකයින් මූල්‍යමය වශයෙන් සවිබල ගැන්වීම අපගේ සේවාවන් අතර අතිශය වැදගත් අංශයක් වන අතර අපගේ මුල්‍ය සේවාවන් සැලසුම්කර ඇත්තේ මෙම ප‍්‍රධාන අංශය තුළ ව්‍යවසායකත්වය දිරිගැන්වීම සඳහායි. මෙම ජාත්‍යන්තර සමුළුව සඳහා අනුග‍්‍රහය දැක්වීම තුළ කාන්තා ව්‍යවසායකත්වය සවිබල ගැන්වීම සඳහා අප විසින් තලා ඇති ශක්තිමත් වැඩ පිළිවෙළෙහි තවත් සන්ධිස්ථානයක් නියෝජනය කරන බව මාගේ අදහසයි. මෙම මාහැගි කාර්යයට දායක වූ HNB FINANCE හි සියලූ දෙනාට මාගේ ප‍්‍රණාම පුදකර සිටිනවා’’ යනුවෙන් HNB FINANCE හි කළමනාකාර අධ්‍යක්‍ෂ ප‍්‍රධාන විධායක නිළධාරී චමින්ද ප‍්‍රභාත් මහතා පැවසීය.

ICWE යනු ව්‍යාපාර හා කළමනාකාරණ පාසල Colombo School of Business and Management (CSBM) විසින් සංවිධානය කරනු ලබන සාමාජ ව්‍යවසායකත්වය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණයේ එක් සැසිවාරයකි. සෑම වසරකම විසින් සමාජ ව්‍යවසායකත්වය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණයේ එක් සැසිවාරයක් ලෙස විවිධ සමාජීය තේමාවන් ඔස්සේ සම්මන්ත‍්‍රණයන් සංවිධානය සිදු කෙරෙන අතර මීට ඉහතදී හරිත ව්‍යවසායකත්වය සහ සංවර්ධනය සඳහා සමාජ නවෝත්පාදන වැනි තේමාවන් ඉදිරිපත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *