ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දන වැඩපිළිවෙල ඉන්දීයාවේ ඇගයීමට

(කොළඹ, ලංකාපුවත්) – සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ ඉන්දීය ශ්‍රී ලංකා මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අතර විශේෂ හමුවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අද (18) සිදුවිය.

කොවිඩ් -19 වසංගතය මර්දනයේ දී ශ්‍රී ලංකා රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එම වෛරසය මර්දනය හා මැඩපැවැත්වීම සදහා ගත් ක්‍රියාමාර්ග ඉන්දීය ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයාගේ ඇගයීමට මෙහිදී ලක් විය.

එමෙන්ම වෛරසය මර්දන ක්‍රියාවලියේ දී සෞඛ්‍ය අමාත්‍යවරිය වශයෙන් ලබාදුන් නායකත්වය ද මහකොමසාරිස්වරයාගේ විශේෂ ඇගයීමකට ලක් විය.

දෙරට අතර පවතින දීර්ඝ කාලීන මිතුදම ඉදිරියටත් පවත්වාගෙන යාමට කටයුතු කරන බවත්, ශ්‍රී ලංකා රජයට අවශ්‍ය ඕනෑම අවස්ථාවක දී ඉන්දීය රජයේ සහයෝගය ලබාදෙන බවත් ඉන්දීය මහ කොමසාරිස් වරයා වැඩිදුරටත් මෙහිදී සදහන් කරන ලදි.

මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් කියා සිටියේ ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකා රජයට ලබාදුන් සහයෝගය පිළිබදව ඉන්දීය අග්‍රාමාත්‍යතුමා ඇතුලු ඉන්දීය රජයට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සිය ස්තූතිය පුද කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *