මැතිවරණ සෞඛ්‍ය මාර්ගෝපදේශන ගැසට් පත්‍රය කඩිනමින්

(කොළඹ, ලංකාපුවත්) –මැතිවරණය සම්බන්ධයෙන් වන සෞඛ්‍ය මාර්ගෝපදේශන ගැසට් පත්‍රය ඉක්මනින් නිකුත් කරන බව සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළාය.

මැතිවරණ කොමිෂන් සභාව ලිඛිතව ඉල්ලා ඇති මාර්ගෝපදේශන නීතිපතිවරයාගේ උපදෙස් මත ගැසට් කිරීමට පියවර ගන්නා ලෙසට ජනාධිපති ලේකම්වරයා කළ දැනුම් දීම මත ඊට ප්‍රමුඛතාව ලබාදී තිබෙන බවත් වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙසේ ප්‍රකාශ කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී ඊයේ (16) පැවැති මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුවේ දී නැඟුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටින මාර්ගෝපදේශනවලට මූලිකත්වය දී ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් අනතුරුව අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශන ගැසට් කිරීමට පියවර ගන්නා බවත් ඇමැතිවරිය ප්‍රකාශ කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *