රසෝඝා දියණියට පිහිටක් වෙමු

(කොළඹ, ලංකාපුවත්) – ජාතික රූපවාහිනියේ “සිහිනයකි රෑ”, චරණ නාලිකාවේ “කවි දහයයි, ගී දහයයි” වැනි ජනාදර සංගීත වැඩසටහන්වලින් අප නිතර දකිනා ගුවන්විදුලි වාදක මණ්ඩලයේ ප්‍රවීණ සිතාර් වාදකයකු වන දිලූෂ රවිනාත් වටරැක ගමගේ සහෘදයාගේ එකම දියණිය වන විභාවි රසෝඝා දියණියට අප සැමගේ නොමසුරු උදව් උපකාර අවැසිම මොහොත මෙයයි.

2020 ජනවාරි 20 වනදා මෙලොව එළිය දුටු ඇය තවමත් මාස 09 ක් වයසැති සිඟිත්තියකි. එනමුත් මේ වන විට රසෝඝා දියණියට “Billiary atresia” නම් රෝගී තත්ත්වය හේතුවෙන් අක්මාවක් බද්ධ කිරීමට සිදු වී ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ මහාචාර්ය ශාමන් රද්‍රින්ද්‍රජිත් වෛද්‍යතුමන් විසින් නිර්දේශ කර ඇත. මෙම ශල්‍යකර්මය ඉන්දියාවේ චෙන්නායිහි “Rela institute” මධ්‍යස්ථානයේ සිදු කළ යුතුව ඇති අතර ඒ සඳහා ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 85ක පමණ මුදලක් වැය වන බව එම රෝහල මගින් ඇස්තමේන්තු කර ඇත.

ඉකුත් දිනෙක මේ පුවත සැලවූ මොහොතේ පටන් නව පරපුරේ සංගීතඥයන් ප්‍රමුඛව මේ සඳහා වෙහෙසුණු බොහෝ සුහිත් පිරිස් තමන්ට හැකි අයුරින් මෙම මුදල සම්පාදනය කරදීම වෙනුවෙන් අත්වැල් බැඳගත්හ. මේ වන විට එම ශල්‍ය කර්මය සිදු කිරීම සඳහා සියලු කටයුතු සුදානම්ව ඇති අතර, අවශ්‍ය වන මුදලේ ද අඩකට පමණ ආසන්න මුදලක් දෙස් විදෙස් කාරුණික පිරිස් විසින් මේ වන විට ඔවුන් හට ලබා දී ඇත.

එහෙත් අප හැකි ඉක්මණින් අවශ්‍ය ඉතිරි මුදල් සම්පාදනය කරගෙන ඔවුන් හට ලබාදී මෙම දැරියගේ ශල්‍ය කර්මය සිදු කළ යුතු ය.

මේ වන විට ද දැරිය ගිලන්ව සිටින අතර ඇගේ සිඟිති නෙතු සඟල අද (13) කහ පැහැ ගැන්ව තිබේ. එනිසා ඇය වෙනුවෙන් කාරුණික සිත් ඇත්තෝ සියලු දෙනා මේ සිඟිති මල් කැකුළ වෙනුවෙන් හැකි ඉක්මණින් එකට අත්වැල් බැඳගැනීම මේ මොහොතේ අවශ්‍යතාවයයි.

ඇගේ පියා රටම හඳුනන දක්ෂ සිතාර් වාදකයෙක් වන අතර මව ද උඩරට නර්තනය ප්‍රගුණ කළ දක්ෂ නර්තන ශිල්පිණියකි. එනිසාවෙන්ම උපතින්ම සංගීතය සහ නර්තනය උරුම කරගෙන උපන් රසෝඝා සිඟිත්තියගේ අනාගතය පැහැබර වනු දැක්මට අප සැවොම කැමැත්තෙමු. එනිසාවෙන් ඒ පැහැබර අනාගතය වෙනුවෙන් මොහොතකුදු අපතේ නොයවා අප සැම එක්ව ඉතිරි මුදල් හැකි විගස සොයා දීමට වග බලා ගමු.

මේ සිඟිත්තියට වැඩිමහල් සොයුරන් දෙදෙනෙක් ද සිටින අතර දිලූෂගේ කැදැල්ලටම සිරි ගෙනා මේ පුංචි කුමරියගේ සිනහව අද මෙන්ම හෙටත් එලෙසින්ම දැකුම ඔවුන්ගේ මෙන්ම අපගේද පරම සතුටයි.

එමෙන්ම ඔබ අප අදහන ආගමට දහමට අනුව මේ මොහොතේ අප සියලු දෙනා එක්වී ඇය වෙනුවෙන් ඉක්මන් සෙත් සුව ලැබේවායි ප්‍රාර්ථනා කරන අතරම ඔබේ නිර්ලෝභී උපකාර පහත සඳහන් බැංකු ගිණුම් හරහා ඔවුන් වෙත ලබා දිය හැකි බව ද වගකීමෙන් දන්වා සිටින්නෙමි.

ලංකා බැංකුව ටොරින්ටන් ශාඛාවේ ගිණුම් අංක 864 66 217 යටතේ, දිලූෂ රවිනාත්ගේ (දැරියගේ පියා) ගිණුම වෙත ඔබේ නොමසුරු පරිත්‍යාග ලබාදෙන්න.

Swift code – BCEYLKLX

077 677 4720 (දිලූෂ)

0777 355 780 (සිදත්)
Ac count No – 86466217
W.G.D. RAVEENDRANATH
S
wift code- BCEYLKLX

Bank – BOC

Branch – Torington

Recipient’s address –
51/2,Wakunagoda Road Galle 80000.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *