ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් යළිත් ඉහළට

(කොළඹ, ලංකාපුවත්) –යළිත් වරක් ඉන්දියාවේ කොරෝනා මරණ සහ ආසාදිත සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව වාර්තාවේ.

ගත වූ පැය 24 තුළ එරටින් ආසාදිතයින් 59,118 ක් වාර්තා වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. ඒ අනුව රටේ මුළු ආසාදන 1,18,46,652 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එසේම ඉන්දීය රජය විසින් මුහුණු ආවරණ පැළඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම වැනි කෝවිඩ් ආරක්‍ෂණ ක්‍රමවේද අනුගමනය කරන ලෙස ජනතාවට විශේෂයෙන් දැනුම් දී ඇත.

කෝවිඩ් 19 වයිරසයේ නව ද්විත්ව විකෘති ප්‍රභේදයක් ඉන්දියාවෙන් හඳුනාගෙන තිබේ. එම නව වයිරස් ප්‍රභේදය මේ තත්ත්වයට හේතු වී ඇති බවට සැක පළ කරයි. එම නව ප්‍රභේදයට අමතරව බ්‍රිතාන්‍යය , දකුණු අප්‍රිකාව සහ බ්‍රසීලය යන රටවලින් හඳුනාගත් කෝවිඩ් ප්‍රභේදයන් මේ වන විට ඉන්දියාවේ ප්‍රාන්ත 18 කින් වාර්තා වී ඇති බව ඉන්දීය සෞඛ්‍ය අංශ පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *