ඔමික්‍රෝන් ප්‍රභේදයේ අනුප්‍රභේද ආසාදිතයින් ප්‍රදේශ රැසකින් හඳුනා ගැනේ

(ලංකාපුවත් | කොළඹ) – ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ අනුප්‍රභේද වන BA.1 සහ BA.2 ආසාදිතයින් ප්‍රදේශ රැසකින් හඳුනාගෙන තිබේ.

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ අනු ප්‍රභේදයක් වන BA.1 ආසාදිතයින් කොළඹ ඇතුළු ප්‍රදේශ කීපයකින් හඳුනාගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව ආයතනය තහවුරු කරයි.

වැල්ලම්පිටිය, බොරලැස්ගමුව, අවිස්සාවේල්ල, හෝමාගම, කටුගොඩ ,මඩපාත ,පාදුක්ක සහ පරකුඩාව යන ප්‍රදේශවලින් ද ආසාදිතයින් හඳුනා ගෙන ඇත.

එසේම කොළඹ, කොලොන්නාව, ගල්කිස්ස, නුගේගොඩ, අවිස්සාවේල්ල, ගාල්ල සහ බදුල්ල යන ප්‍රදේශවලින් BA.2 ප්‍රභේදය ආසාදිතයින් හඳුනාගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *