ආපදාවට ලක් වූ දිස්ත්‍රික්කවල පාසල්වලට සිකුරාදා දක්වා නිවාඩු

(කොළඹ, ලංකාපුවත්) – ගංවතුර හේතුවෙන් ආපදාවට පත් දිස්ත්‍රික්කවල සියලු පාසල් හෙට (30) සිට ලබන සිකුරාදා(02) දක්වා නිවාඩු ලබදීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා අද (29) කොළඹ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියේය.

කොළඹ, ගාල්ල, මාතර, ගම්පහ,රත්නපුර, කෑගල්ල, කළුතර,හම්බන්තොට දිස්ත්‍රික්ක ආපදාවට ලක්ව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *