කොළඹ කුණු දමන්නන් වීඩියෝ කරන්න සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ නගරයේ විවිධ ස්ථානවලට අවිධිමත් ලෙස කැළි කසළ බැහැර කරන පුද්ගලයන් වීඩියෝ ගත කර ඔවුන් සම්බන්ධයෙන් මාධ්‍ය මගින් ප්‍රචාරය කරන බව කොළඹ මහනගර සභාවේ නාගරික කොමසාරිස් වී.ඒ.කේ. අනුර මහතා පැවසීය.

කොමසාරිස්වරයා ඊයේ(19) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ බව කියා සිටියේය.

එසේම කොළඹ නගරයේ ඇති මහල් නිවාස සංකීර්ණවල කැලි කසළ බැහැර කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම අත්‍යවශ්‍ය බවද එහිදී ප්‍රකාශ කෙරුණි.

මේ අනුව අවිධිමත් ලෙස කසළ බැහැර කරන්නන් නීතියේ රැහැනට හසු කර ගැනීම සඳහා විශේෂ කණ්ඩායම් 6ක් කොළඹ නගරයේ යොදවා ඇති බව ද නාගරික කොමසාරිස් වී.කේ. අනුර මහතා පැවසීය. ඒ සඳහා යුද හමුදාව, පොලීසිය හා නගර සභා නිලධාරීන් යොදවා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *