ඉන්දීය අගමැතිට ධවල මන්දිරයේ දී උණුසුම් පිළිගැනීමක්

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ධවල මන්දිරයේදී ඊයේ (27) අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ප්‍රථම නිළ සාකච්ඡාව සඳහා හමුවූ අතර එහිදී ඔහුට ඉතා උණුසුම් පිළිගැනීමක් ලැබී තිබුණි.

හිටපු ජනාධිපති බරක් ඔබාමා යටතේ ඉන්දියාව සමඟ ඇති වූ සබඳතාව යළි පුනර්ජීවනය කිරීමේ අරමුණින් මෝදි මෙලෙස වොෂින්ටයේ සංචාරය කරනු ලැබේ.

එහිදී ඉන්දියාවේ සංචාරය කරන ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ඇතුළු ඔහුගේ පවුලටම නරේන්ද්‍ර මෝදි ආරාධනා කර තිබේ.

ආර්ථික වශයෙන් ඉන්දියාව අද සාර්ථක පෙර ගමනක නිරත වන බව මෙහිදී ජනපති ට්‍රම්ප් පවසා ඇත.

පසුව ඔවුන් ඒකාබද්ධ මාධ්‍ය හමුවකට ද එක්වූ අතර, එහිදී නායකයන් දෙදෙනාම ත්‍රස්තවාදයට එරෙහිව එක්වීමේ වැදගත්කම අවධාරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *