ඩෙංගු දුමායනය කිරීමේදී දොර ජනෙල් වසා තැබීමේන් වළකින්න – සෞඛ්‍ය අංශ අවධාරණය කරයි

(කොළඹ, ලංකාපුවත්) – රට තුල ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු රෝගය තුරන් කිරීම සඳහා සෞඛ්‍ය අංශයේ මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක කරන ලබන ඩෙංගු දුමායන කටයුතු සඳහා ජනතා සහාය අත්‍යවශ්‍ය බව ඩෙංගු රෝගය තුරන් කීරීමේ ජනාධිපති කාර්යසාධක බලකාය අවාධාරණය කරයි.

ඩෙංගු බෝ වන ස්ථාන විනාශ කීරීම සඳහා ජනතාවගේ සක්‍රීය දායකත්වය අඛන්ඩව ලබා දීමට අමතරව සෞඛ්‍ය අංශය මඟ පෙනීවම ටයතේ ක්‍රියාත්මක කරනු ලබන ඩෙංගු දුමායනය තම නිවෙස් අවට සිදු කෙරන අවස්ථා වලදී නිවෙස් වල දොර ජනෙල් වීවෘත කර එම දුමායනය නිවෙසට ඇතුළු වීමට ඉඩ ප්‍රස්ථාව විවර කිරීම අනිවාර්යෙන් සිදු කළ යුතු වේ.

මෙසේ දොර ජ‍නෙල් වීවෘත කර එම දුමායනය නිවෙසට ඇතළු වීමට අවශ්‍ය පරිසරය සකස් කිරීම තුලින් ඩෙංගු දුමායනයෙන් වඩාත් සාර්ථක ප්‍රථිපල අතිකර ගැනීමට හැකි වන බව ඩෙංගු මර්ධනය පිලිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය අවධාරණය කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *