තරුණයන්ට යහපත් අනාගතයක් උදාකරදෙන බවට අගමැතිගෙන් ප්‍රකාශයක්

(කොළඹ, ලංකාපුවත්) –තරුණයන්ට නිදහසේ ජීවත්විය හැකි යහපත් අනාගතයක් උදා කර දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මේ වසරේ යොවුන් කොඩි දිනය ආරම්භ කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

ජාතික තරුණ සේවා සභාව සංවිධාන කරන තරුණ සංවර්ධන කොඩි ව්‍යාපාරයේ පළමු කොඩිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැළදවීම සිදු කෙරුණි. ඒ අරලියගහ මන්දිරයේ දී ය.

පළමු කොඩිය අග්‍රාමාත්‍යවරයා වෙත පැළදවූයේ ජාතික තරුණ සේවා සභාවේ සභාපති සහ අධ්‍යක්ෂ ජෙනරාල් එරන්ද වැලිඅංගේ මහතා විසිනි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 1985 වසරේ තරුණ කටයුතු ඇමතිවරයා ලෙස සිටියදී යොවුන් කොඩි දිනය ආරම්භ කරන ලදි. මෙහි ප්‍රධාන අරමුණ රටේ තරුණ සංවර්ධනය ඔස්සේ තරුණයින්ට නායකත්වය ලබාගැනීමට උපකාර කිරීමය.

මෙම අවස්ථාවේ දී අදහස් දැක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේ වසර 2025 වන විට තරුණයින්ට ණය බරක් නැති රටක් උදා කරදෙන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *