2019 ලෝක කුසලානය තෙක් තනතුරින් ඉවත්වෙන්න බලපොරොත්තුවක් නෑ

(කොළඹ, ලංකාපුවත්) – 2019 ලෝක කුසලානය අවසන් වන තෙක් තමන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තනතුරින් ඉවත්වීමට බලාපොරොත්තුවක් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි.

එස්.එස්.සී. පිටියේඊයේ(16) පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව පැවැසීය.

එසේම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තනතුරක් ලබාගැනීමට තවත් වසර තුනක පමණ කාලයක් තමන්ට බලාපොරොත්තුවක් නැතැයිද සභාපතිවරයා සඳහන් කළේය.

“ක්‍රිකට් පාලක මණ්ඩයේ මට තව අවුරුද්දක් තනතුරේ ඉන්න පුළුවන්. තව අවුරුදු තුනක් පමණ යනකම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තනතුරක් බලාපොරොත්තු වෙන්නේ නෑ. මට අවුරුදු තුනක් පමණ යනකම් ශ්‍රී ලංකා ක්‍රිකට් එක්ක කටයුතු කරලා. 2019 ලෝක කුසලානය ඉවරවෙනකම්, ලංකාවේ ක්‍රිකට්වලින් මේ තනතුරින් ඉවත්වෙන්න බලාපොරොත්තුවක් නෑ” යැයි සුමතිපාල මහතා සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *