මලාලා ඔක්ස්ෆර්ඩ් සරසවියට

(කොළඹ, ලංකාපුවත්) – සිය අධ්‍යාපන කටයුතු වැඩිදුර හැදෑරීම සඳහා ඔක්ස්ෆර්ඩ් සරසවිය වෙත යාමට මලාලා යූසුප්සායි තීරණය කර තිබේ.

විසි හැවිරිදි තරුණ ශිෂ්‍යාවක වන ඇය දර්ශනය, දේශපාලනය හැදෑරීමට නොඉවසිල්ලෙන් පසු වන බව පවසන්නීය.

පාකිස්තානයේදී තලේබාන් සටන්කරුවකුගේ වෙඩි පහරකට ලක් වූ මලාලා 2012දී ලෝකය පුරා ඉමහත් ප්‍රසිද්ධියට පත් වූවාය.

අනතුරුව බර්මින්හැම් නගරයේදී ප්‍රතිකාර ලබා එහි සිට සිය අධ්‍යාපනය හැදෑරූ මලාලා නොබෙල් සාම ත්‍යාගය දිනූ ලාබාලම තැනැත්තිය වූවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *