(කොළඹ, ලංකාපුවත්) –වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දින තුන තුළත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 8 දෙනෙකු මිය ගොස් පුද්ගලයන් 8 දෙනෙකු අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේය.
අද (01) දිනයේදී ජනාධිපතිතුමා හා අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත විපතට පත්වූවන්ට රුපියල් දසදහසක අත්තිකාරම් මුදල් ලබා දීම ආරම්භ කෙරුණි.
මේ අතර රත්නපුර, නුවරඑළිය, ගාල්ල, මාතර, මාතලේ, හම්බන්තොට, මොනරාගල, කළුතර හා බදුල්ල දිස්ත්‍රික්කවල පවතින නායයෑමේ අවදානම තවදුරටත් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරනු ලැබේ.
ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ සහ වැලිගොපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ඒ අවට ප්‍රදේශ මෙන් ම කොලොන්න, අයගම, බළංගොඩ, කහවත්ත, කුරුවිට, ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ අවට ප්‍රදේශ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ඒ අවට ප්‍රදේශ, ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල, නාගොඩ, බද්දේගම, ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ඒ අවට ප්‍රදේශ, මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ, පිටබැද්දර සහ කොටපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසහ සහ ඒ අවට ප්‍රදේශ, මාතලේ දිස්ත්‍රික්කයේ ඇල්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ ඒ අවට ප්‍රදේශ, හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටුවන සහ ඕකෙවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ ඒ අවට ප්‍රදේශ, මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසහ සහ ඒ අවට ප්‍රදේශ, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ ඒ අවට ප්‍රදේශ සහ බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, පස්සර සහ වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ඒ අවට ප්‍රදේශ සඳහා මෙලෙස නායයෑම් අනතුරු නිවේදන නිකුත් කොට ඇත.