2018 පාපන්දු කුසලානය ශ්‍රී ලංකාවට

(කොළඹ, ලංකාපුවත්) – 2018 පාපන්දු ලෝක කුසලානයේ ශූරයින්ට පිරිනමන කුසලානය ඊයේ(23) මෙරටට රැගෙන ආවේ ය. මෙලෙස පාපන්දු ලෝක ශූරතාවක කුසලානයක් ශ්‍රී ලංකාවට රැගෙන ආවේ, ඉතිසාහයේ පළමු වරට ය.

2018 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය එළැඹෙන ජුනි 14 වනදා රුසියාවේදී ආරම්භ වේ.

ඊට සමගාමීව පාපන්දු ලෝක ශූරයින්ට පිරිනමන ඉහළ ම ගෞරවය වන ලෝක කුසලානය ලොව වටා රැගෙන යාමේ චාරිකාව ඇරඹුණේ, පසුගිය මස 22 වන දා ය.

මෙම චාරිකාවේදී ලෝක කුසලානය ලොව පුරා මහද්වීප 6ක් ඔස්සේ රටවල් 52ක මහජන ප්‍රදර්ශනය සඳහා රැගෙන යාමට අන්තර්ජාතික පාපන්දු සම්මේලනය පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකාවට අමතරව මෙම කුසලානය ආසියව තුළ රැගෙන යාමට නියමිතව ඇත්තේ, පකිස්ථානයට සහ මාලදිවයිනට පමණක් බවත් අන්තර්ජාතික පාපන්දු සම්මේලනය පවසයි.

ඒ අනුව ඊයේ දිනයේදී කුසලානය ශ්‍රී ලංකාවට රැගෙන ආ අතර එය නිල වශයෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට භාර දීම සිදුවිණි.

අද දිනයේදී පාපන්දු කුසලානය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *