සිසුන් 9960 විෂයයන් සියල්ලටම ඒ සාමාර්ථ

(කොළඹ, ලංකාපුවත්) – 2017 වසරේ අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල වලට අනුව උසස් පෙළ සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍ය ප්‍රතිශතයේ හි ඉහළ යාමක් සිදුව තිබේ.

2016 වසරේදී 69.94 % උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලබාගත් අතර 2017 වසරේ දී එම ප්‍රතිශතය 73.05 % දක්වා 3.11 % කින් ඉහළ ගොස් ඇත.

2016 ප්‍රතිඵල සමග සැසඳීමේදී ගණිතය විෂය සමත් වීමේ ප්‍රතිශතය ද 4.43 % කින් ඉහළ ගොස් ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පෙන්වා දෙයි. 2016 වසරේ දී ගණිතය විෂයය සමත් ශිෂ්‍ය ප්‍රතිශතය 62.81 % ලෙස දැක්වුණා.2017 වසරේ දී එය 67.24 % දක්වා ඉහළ ගොස් තිබේ.

මීට අමතර ව සියලු විෂයන් සඳහා A (A 9) සාමාර්ථ ලබා ගත් ශිෂ්‍ය සංඛ්‍යාවෙහිද ඉහළ යාමක් සිදුව ඇත.

පසුගිය වසරේ (2016) සියලු විෂයන් සඳහා A සාමාර්ථ ලබා ගත් ශිෂ්‍ය සංඛ්‍යාව 8224 ලෙස දැක්වුණි. මේ වසරේ දී (2017) එම සංඛ්‍යාව 9960 දක්වා ඉහළ ගොස් ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *