යූනියන් ඇෂුවරන්ස් ‘Circle of Excellence’ පෙරටත් වඩා දැවැන්ත වැඩසටහනක් ලෙස නැවතත්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ සුවිශේෂීම බැංකු රක්ෂණ සේවා සම්මාන උළෙල ලෙස සැලකෙන යූනියන් ඇෂුවරන්ස් ‘Circle of Excellence’ යළි දියත් කර තිබේ.

මෙවර එම සම්මාන උළෙල පෙරටත් වඩා දැවැන්ත වැඩසටහනක් ලෙස පැවැත්වීමටත්, වැඩි වටිනාකමකින් යුත් ත්‍යාග පිරිනැමීමටත් සංවිධායකවරුන් කටයුතු යොදා ඇත. ඉහළම තලයේ දක්ෂතා පෙන්නුම් කරන රක්ෂණ සම්බන්ධතා නිලධාරීන්, ප්‍රාදේශීය කළමනාකරුවන් සහ කලාපීය කළමනාකරුවන් ඇගයීමට ලක්කිරීම මෙම සම්මාන උළෙලේ අරමුණයි.

යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන බැංකු රක්ෂණ නිලධාරිනී වින්ධ්‍යා කුරේ මහත්මිය මෙම සම්මාන උළෙල සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වූවා ය. “ශ්‍රී ලංකාවේ විශාලතම බැංකු රක්ෂණ සේවා සම්පාදකයා වශයෙන්, අප සතු වටිනාම සම්පත අපගේ කාර්ය මණ්ඩලය බව අප විශ්වාස කරනවා. අප ‘Circle of Excellence’ වැඩසටහන හඳුන්වා දුන්නේ ඔවුන් ඇගයීමට ලක්කරන ජාත්‍යන්තර තලයේ වැඩසටහනක් ලෙසයි. ගනුදෙනුකරුවන්ට විශිෂ්ටතම සේවාවක් ලබාදීම සඳහා අපගේ සාමාජික සාමාජිකාවන් දක්වන උනන්දුව හා කැපවීම වෙනුවෙන්, පෙරටත් වඩා පුළුල් මට්ටමකින් මෙය නැවත දියත් කිරීමට අප කටයුතු කළා.”

යූනියන් ඇෂුවරන්ස් ‘Circle of Excellence’ වැඩසටහන මගින් ජයග්‍රාහකයන්ට මුදල් ත්‍යාග වලට අමතරව තවත් ත්‍යාග රාශියක් පිරිනැමේ. සුඛෝපභෝගී වාහන, විදේශ සංචාර, වෘත්තීය ජීවිතයේ දියුණුවට අතිශයින් වැදගත් වන පුහුණු හා සංවර්ධන වැඩසටහන් සහ විශේෂ ‘Circle of Excellence’ භාණ්ඩ ආදිය මීට ඇතුළත් ය.
ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා නිවැරදිව හඳුනාගෙන ඔවුන්ට විශිෂ්ට තලයේ සේවාවක් ලබාදීම සඳහා බැංකු රක්ෂණ සේවා අංශයේ සාමාජික සාමාජිකාවන් තවදුරටත් දිරිගැන්වීම මෙම වැඩසටහනේ තවත් අරමුණකි.
2021 වසරේදී රක්ෂණ ක්ෂේත්‍රයේ නව වාර්තාවක් පිහිටුවමින්, Million Dollar Round Table (MDRT) සුදුසුකම්ලාභීන් 300 දෙනෙකු වාර්තා කරගැනීමට යූනියන් ඇෂුවරන්ස් සමාගම සමත් විය. එබඳු ජයග්‍රහණ වාර්තා කිරීම සඳහා කාර්ය මණ්ඩලය දිරිගැන්වීමට ‘Circle of Excellence’ වැඩසටහනද කැපීපෙනෙන කාර්යභාරයක් ඉටු කර තිබේ.

ආරම්භයේ පටන් මේ දක්වා සුවිශාල වර්ධනයක් අත්පත් කරගනිමින්, රටේ විශාලතම බැංකු රක්ෂණ සේවා සම්පාදකයා බවට පත්වීමට යූනියන් ඇෂුවරන්ස් බැංකු රක්ෂණ සේවා අංශය සමත් වී ඇත. එම අංශය මේ වනවිට රටේ ප්‍රධාන බැංකු හයක් සමග අත්වැල් බැඳගෙන, බැංකු ශාඛා 360 ක් හරහා තම සේවාවන් පිරිනමයි.

ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් සමූහයේ සාමාජිකයෙකු වන යූනියන් ඇෂුවරන්ස් සමාගම මෙරට පැරණිතම පෞද්ගලික ජීවිත රක්ෂණ සමාගම් අතරින් එකකි. මේ වනවිට එහි 3,000 කට අධික පරිසක් සේවය කරන අතර, රටපුරා ශාඛා රාශියක් විවෘත කර තිබේ. එම සමාගම 2021 සැප්තැම්බර් මාසය වන විට රු. බිලියන 15.9 ක වෙළඳපොළ ප්‍රාග්ධනීකරණයක්, රු. බිලියන 47.5 ක ක ජීවිත රක්ෂණ අරමුදලක් සහ 250% ක ප්‍රාග්ධන සප්‍රමාණතා අනුපාතයක් (Capital Adequacy Ratio – CAR) වාර්තා කරගෙන ඇත. ශ්‍රී ලාංකිකයන්ට තම සිහින හඹා යාමට අත්වැලක් වෙමින් එම සමාගම, අධ්‍යාපනය, සෞඛ්‍ය, ආයෝජන, රැකවරණය සහ විශ්‍රාම ජීවිතය යන විවිධ අංශ ආවරණය වන පරිදි රක්ෂණ විසඳුම් රාශියක් හඳුන්වා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *