පකිස්ථානයේ අධික උණුසුම නිසා 65ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – අධික උණුසුම් කාලගුණය හේතුවෙන් පාකිස්ථානයේ කරච්චි නගරයේ සිදුවන ජීවිත හානි සීඝ්‍ර ලෙස ඉහල යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ගෙවීගිය දින තුනක කාලය ඇතුලත පුද්ගලයින් 65 දෙනෙක් දැඩි උණුසුමෙන් මියගොස් තිබේ.

කරච්චි නගර ප්‍රදේශයේ උෂ්ණත්වය මේ වනවිට සෙල්සියස් අංශක 44ක් තරම් ඉහල අගයක පවතී.

එක්කෝටි පනස් ලක්ෂයකට අධික ජනගහනයක් වෙසෙන කරච්චි නගරයේ ජනතාව මේ නිසා දැඩි දුෂ්කරතා වලට මුහුණ පා සිටි. රාමසාන් උපවාස සමය හා සමගාමීව උණුසුම් කාලගුණික තත්ත්වය හටගැනීම වඩාත් නරක තත්ත්වයක් උදාකර ඇති බව වාර්තා වේ.

දිවාකාලයේ නගරයේ විදුලිබලය විසන්ධි කිරීම හේතුවෙන් නිවාස තුල දිවාකාලය ගතකරන ජනයා උණුසුමින් දැඩි පීඩා විදින්නේ විදුලි පංකා හෝ වායුසමීකරණ ක්‍රියාත්මක කළ නොහැකි වීම හේතුවෙනි.

මෙවැනි දරුණු උණුසුම් කාලගුණික තත්ත්වයක් පාකිස්ථානයට බලපෑවේ 2015 වසරෙන් පසුවය. උණුසුම් තත්ත්වය නිසා එම වසරේ කරච්චියේ පමණක් මියගිය සංඛ්‍යාව 850කට අධික බව සදහන් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *