(කොළඹ, ලංකාපුවත්) – සිංගප්පුරු සාකච්ඡාව නිසි පරිදි සිදුවුවහොත් උතුරු කොරියානු නායකයාට ධවල මන්දිරයට ආරාධනා කරන බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කර ඇත.
ජපාන අග්‍රාමාත්‍ය ෂිංසෝ අබේ මහතා සමග පැවති නිල හමුවකින් අනතුරුව ඔහු මේ බව පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ලබන අගහරුවාදා සිංගප්පූරුවේදී පැවැත්වෙන සාකච්ඡාවේදී මූලික එකගතාවකට එළැඹීමට හැකිවනු ඇති බවට ට්‍රම්ප් විශ්වාසය පළ කර ඇත.