හිටපු පා.ම වී.කේ.ඉන්දික අභාවප්‍රාප්ත වෙයි

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජාතික නිදහස් සන්ධානයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වී.කේ.ඉන්දික මහතා අභාවප්‍රාප්ත වෙයි.

මිය යන විට ඒ මහතා 51 වැනි වියේ පසුවිය.

කොළඹ පිහිටි ඒ මහතාගේ නිවසේ සිටියදී ඊයේ (05) රාත්‍රීයේ ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇත.

ඉන්දික මහතා 2015 වසර වන තෙක් හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර තිබුණි.

ඔහු 1990 වසරේදී පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස තේරීපත්ව 2009 වසර දක්වා අවස්ථා කිහිපයකදී පළාත් අමාත්‍ය ධුරයන් රැසක ද කටයුතු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *